චුම්බක ක්ෂේත්‍රයක තැබූ ධාරාවක් ගෙන යන සන්නායකයක් මත බලයක් ඇති වේ. බලය ඇතිවන දිශාව ,චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ටත්,ධාරාව ගලන දිශාවට ත් යන දිශා දෙකටම ලම්බක වේ. එහි දී ඇතිවන බලයේ විශාලත්වය පහත සඳහන් සාධක මත රඳා පවති. සන්නායකයේ ගලන ධාරාවේ විශාලත්වය චුම්බක ක්ෂේත්‍රය තුළ තබන සන්නායකයේ දිග චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය. මෙම සාධක තුන වැඩි වන විට ඇතිවන බලය වැඩි වේ. මෙම සාධක තුන අඩු වන විට ඇතිවන බලය අඩු වේ. එනම් ඇතිවන බලය මෙම සාධක තුනටම අනුලෝමව සමානුපාතික වේ. ෆ්ලෙමින්ගේ වමත් නීතිය (Fleming's left handed rule) චුම්බක ක්ෂේත්‍රය ක් තුළ තැබූ සන්නායකයක් තුලින් ධාරාවක් යැවීමේ දී ඇතිවන බලය හා එහි දිශාව සොයාගැනීම ට ෆ්ලෙමින්ගේ වමත් නීතිය භාවිතා කරයි. වම් අතෙහි මහපටඟිල්ල,දබරැඟිල්ල සහ මැඳගිල්ල එකිනෙකට ලම්බකව තබාගෙන ධාරාවේ දිශාවට මැදගිල්ලත් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ට දබරැඟිල්ල ත් යොමු කල විට මාපටඟිල්ල යොමුවන දිශාව ,සන්නායකය මත බලය ඇතිවන දිශාව යි. විදුලි මෝටරය,ශබ්ද විකාශකය,ගැල්වනෝමීටරය,වෝල්ට්මීටරය සහ ඇමීටරය මෙම සංසිද්ධිය පදනම් කරගෙන නිපදවන ලද උපකරණ වේ. ශබ්ද විකාශකය ගැන හා සරල ධාරා මෝටරය ගැන පාඩමක් හෙට දින
ප්‍රධාන වශයෙන් චුම්බක වර්ග දෙකකි. ඒවා නම් විද්‍යුත් චුම්බක හා නිත්‍ය චුම්බක වේ. විද්‍යුත් චුම්බක එහි දඟරය හරහා ධාරාවක් ගලායන තෙක් එය චුම්බක යකි. චුම්බකත්වය නියත වන චුම්බක වල එය ද්‍රව්‍යයේ ගුණයකි. ලෝහ ද්‍රව්‍යය චුම්බක වලට ආකර්ෂණය වේ. අලෝහ ද්‍රව්‍යය චුම්බක වලට ආකර්ෂණය නොවේ. චුම්බක ක්ෂේත්‍රය චුම්බකය මගින් බලපෑමක් කල හැකි අවකාශය චුම්බක ක්ෂේත්‍රය(magnetic field)නම් වේ. චුම්බක ක්ෂේත්‍රය ක මාලිමාවක් තැබු විට එහි දර්ශකයෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පෙන්වයි. ලක්ෂ්‍යයෙන් ලක්ෂ්‍යට දිශාව වෙනස් විය හැක. චුම්බක ක්ෂේත්‍රය ක් යනු විශාලත්වය ක් දිශාවක් සහිත භෞතික රාශියකි . ධාරාවේ චුම්බක ඵලය සන්නායකයක් තුලින් ධාරාවක් ගලායන විට සන්නායකය වටා චුම්බක ක්ෂේත්‍රය ක් ඇති වේ. ධාරාවක් ගලායන සන්නායකයක් වටා ඇති වන චුම්බක ක්ෂේත්‍රය ධාරාව ගලායන දිශාව මත රඳා පවති. සෘජු සන්නායකයක් තුලින් ගලන ධාරාවක් නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව . මෙහිදී චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සොයාගැනීම සඳහා නීති දෙකක් භාවිතා කරයි. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය සන්නායකයේ ධාරාව ගලන දිශාවට චලනය වන සේ කස්කුරුප්පුවක් භ්‍රමණය කරන විට,එම ධාරාව නිසා