Skip to main content

O/L History පළමු වන ලෝක මහා සංග්‍රාමය



  •  1914-1918 කාලයේ පැවතීය.
  • යුරෝපයෙන් ආරම්භ විය,පසුව අනිත් මහද්වීප කරාද පැතිරි ගියේය.

පළමු වන ලෝක මහා සංග්‍රාමයට බල පෑ හේතු

  • ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී,ප්‍රංශය හා ජර්මනිය සතුරන් බවට පත් විය.
  1. ජර්මනිය බිහි කරන ලද්දේ ඔටෝවෝන් බිස්මාර්ක් ය.
  2. දෙවන විලියම් නම් ජර්මන් අධිරාජයාගේ ක්‍රියා කලාපය .
  3. ජර්මනිය ට යටත් විජිත පිහිටුවා ජර්මන් අධිරාජ්‍යයක් පිහිට වීමට යෑම.

  • යටත් විජිත සඳහා වූ තරඟය 

  1. ආසියා,අප්‍රිකා ප්‍රදේශ වෙත ජර්මනිය යටත් විජිත පිහිටුවා ගැනීම සඳහා පැමිණීම.

  • අවි තරගය හා ජාතිවාදය වර්ධනය වීම.

  1. එක් එක් රටවල් අවි ආයුධ කෙරෙහි විශ්වාසය තැබීම නිසා යුරෝපීය රටවල් අතර අවි තරඟයක් නිර්මාණය වීම.
  2. එමෙන්ම ඉතාලියේ හා ජර්මනියේ ජාතිකවාදය තුලින් එක්සත් කිරීම නිසා යුරෝපයේ ජාතිකවාදී ප්‍රවණතාවය වර්ධනය වීම.
  3. එහි විශේෂ ලක්ෂණය  වූයේ තමන්ගේ රටට ආදරය කිරීමත් සෙසු රටවල් හෙලා දැකීමත් ය.

  • ප්‍රංශය යුරෝපය තුල තනි කිරීමට බිස්මාර්ක් අනුගමනය කල විදේශ ප්‍රතිපත්තිය.
  • ජර්මනිය හා ප්‍රංශය මුල් කරගත් කඳවුරු දෙකක් නිර්මාණය වීම.
  • ජර්මනිය ,ඉතාලිය ,ඔස්ට්‍රියාව ඇතුලත් කඳවුර මධ්‍යම බලවතුන් ලෙස හැඳින්වීය.
  • ප්‍රංශය ,බ්‍රිතාන්‍යය ,රුසියාව ඇතුලත් කඳවුර මිත්‍ර බලවතුන් ලෙසත් හැඳින්වීය.
  • ඔස්ට්‍රීයාවේ ඔටුන්න හිමි කුමරුන් මරා දැමීම.
  • ප්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් හා ඔහුගේ බිරිඳ බොස්නියාවේ අගනුවර වූ සරාජීවෝ නගරයේ දී ඝාතනය කරන ලදී.
  • මෙය හේතු කොටගෙන 1914 ජූලි 28 ඔස්ට්‍රියාව සර්බියාවට විරුද්ධව යුද ප්‍රකාශ කරන ලදී.

සරාජීවෝ සිද්ධිය නමින් හඳුන්වන මෙය පළමු ලෝක සංග්‍රාමය ආරම්භ වීමට බල පෑ ආසන්න තම හේතුව විය.

පළමු වන ලෝක සංග්‍රාමය ට සහභාගි වූ රටවල්

මිත්‍ර පිලේ රටවල්

ප්‍රංශය ,මහා බිත්‍රාන්‍යය,රුසියාව ,ඇමරිකා එක්සත් ජනපදය 

මධ්‍යම බලවතුන්ගේ රටවල්

ජර්මනිය,ඔස්ට්‍රියාව,ඉතාලිය,තුර්කිය,බල්ගේරියාව,හංගේරියාව

පළමු වන ලෝක සංග්‍රාමයේ ව්‍යාප්තිය

  • ඔස්ට්‍රියාව සර්බියාවට විරුද්ධව යුද ප්‍රකාශ කිරීම ජර්මනිය අනුමත කරන ලදී.
  • සර්බියාව රුසියාවෙන් සහාය ඉල්ලන ලදී.
  • ඔස්ට්‍රියාව ට පක්ෂ රටක් ලෙස ජර්මනිය 1914අගෝස්තු පළමු දින රුසියාව ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ලදී.
  • ප්‍රංශය රුසියාවට උදව් කරනු ඇතැයි සිතා,ජර්මනිය බෙල්ජියම හරහා ප්‍රංශයට පහර දෙන ලදී.
  • බ්‍රිතාන්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් වන බැවින්,බ්‍රිතාන්‍යය ප්‍රංශයට සහාය දෙන ලදී.
  • යටත් විජිත කරාද යුද්ධයේ බලපෑම පැතිරිණි.
ඇමරිකා එක්සත් ජනපදය යුද්ධය ට සම්බන්ධ වීම.
  • ඇමරිකාව සතු වූ ලුසිටානියා නම් මගී නැව ජර්මනිය මගින් ගිල්වා දැමීම නිසා ඇමරිකා එක්සත් ජනපදය යුද්ධය ට අවතීර්ණ විය.
  • ඉතාලිය රහස් ගිවිසුමක් මගින් මිත්‍ර පාක්ෂිකයින් හා එක් වීම නිසා යුධ රහස් සතුරන් අතට පත් වීම ජර්මනිය ට අවාසි සහගත විය.
  • 1914 සිට 1918 දක්වා පැවති  පළමු ලෝක සංග්‍රාමයෙන් ජර්මනිය ඇතුළු මධ්‍යම බලවතුන් පරාජයට පත් විය.

අපගේ ඊලඟ ලිපියෙන් පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵල හා ජාතින්ගේ සංගමය ගැන Shortnote එකක් බලාපොරොත්තු වන්න.

ඉතිහාසය හැදැරීමේ මූලාශ්‍රය

සැකසුම 

Prasanna J 

Source 

Grade 11 Text book

ඔබගේ වටිනා අදහස් comment කරන්න ,තවත් කෙනෙකුට බලන්න share කරන්න .

Whats up

0772178365

Follow us on Facebook 

O/LShortnotes













Comments

Popular posts from this blog

O/L Science නූතන ආවර්තිතා වගුව

මේ වන විට මූලද්‍රව්‍ය 115 කට වඩා සොයාගෙන ඇත. මේවාගේ ගුණ වෙන් වෙන් වශයෙන් අධ්‍යනය කිරීම අපහසු ය විද්යාඥයින් විසින් මූලද්‍රව්‍ය විවිධ ක්‍රම අනූව වර්ග කිරීමට උත්සාහ කර ඇත. මූලද්‍රව්‍ය වර්ගීකරණය සඳහා ආවර්තිතා වගුවක් දිමිත්‍ර්‍ර්‍රී මෙන්ඩලීෆ් විසින් මුලින් ම ඉදිරිපත් කරන ලදී. නූතන ආවර්තිතා නියමය නූතන ආවර්තිතා වගුව පදනම් වී ඇත්තේ පරමාණුක ක්‍රමාංකය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතයි. පරමාණුක ක්‍රමාංකය ආරෝහණය වන පිළිවෙළ ට සකස් කල විට කිසියම් මූලද්‍රව්‍ය පරාසයකට පසුව  සමාන ගුණ සහිත මූලද්‍රව්‍ය යලිත් හමුවෙන බවයි. නූතන ආවර්තිතා වගුව පහත දැක්වේ. ආවර්තිතා වගුවේ තිරස් පේළි ආවර්ත වේ. සිරස් පේළි කාණ්ඩ නම් වේ. මූලද්‍රව්‍ය ආවර්ත වලට බෙදීම. මූලද්‍රව්‍යයේ පරමාණුවක තිබෙන ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත ව පවතින ශක්ති මට්ටම් ගණන අනූවය. මූලද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදීම   අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත මූලද්‍රව්‍යයක ගුණ රඳා පවති. මේවා සංයුජතා ඉලෙක්ට්‍රෝන යනුවෙන් හඳුන්වයි . යම් මූලද්‍රව්‍යයක් අයත් වන කාණ්ඩය තීරණය වන්නේ එහි අවසාන ශක්ති මට්ටමේ අඩංගු ඉලෙක්ට්‍රෝන ගණන අනූවය.           ...

O/L Science ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම් Part 1

පීඩනය  පීඩනය යනු ඒකක වර්ගඵලයක් මත ක්‍රියාකරන බලය යි. ද්‍රව පීඩනය   ද්‍රව නිසා ද පීඩන හට ගනී. ද්‍රවයක් තුළ යම් ස්ථානයක දී පීඩනය ඊට ඉහළින් ඇති ද්‍රව කඳේ උස මත රඳා පවති. ද්‍රව කඳේ උස වැඩි වන විට පීඩනය වැඩි වන අතර උස අඩු වන විට පීඩනය අඩු වේ. ද්‍රවයේ සම මට්ටම් වල දී පීඩන සමාන වේ. ද්‍රවය තුළ යම් ස්ථානයකදී ඕනෑම දිශාවකට පීඩනය එකම අගයක් ගනී. ද්‍රව පීඩනය ද්‍රව කඳේ හැඩය මත රඳා නොපවතින අතර,ද්‍රව කඳේ සිරස් උස මත පමණක් රඳා පවතී. භාජනය ක ඇති ද්‍රව කඳේ උස h නම් සහ ද්‍රවයේ ඝනත්වය ρ   නම්,භාජනයේ පතුලේ ඒකක වර්ගඵලයකට ඉහළින් තිබෙන ද්‍රව කඳේ බර වන්නේ  hρg ය. ද්‍රවයක් තුළ ඇති ඕනෑම ලක්ෂ්‍යකට ඉහළින් ඇති ද්‍රව කඳේ උස h නම් ද එම ලක්ෂ්‍යයේ පීඩනය   P ද නම් ද අපේ මීලඟ ලිපියෙන් ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය හා වායු පීඩනය ගැන ලිපියක් බලාපොරොත්තු වන්න . සැකසුම  Prasanna J Source  Grade10 Science Textbook  ඔබගේ වටිනා අදහස් comment කරන්න ,තවත් කෙනෙකුට බලන්න share කරන්න. Whats up 077 2178365

O/L Science -පදාර්ථයේ ව්‍යුහය

 අප අවට පරිසරයේ ඇති දෑ  පදාර්ථ  ශක්තිය ලෙස වර්ග කල හැක. පදාර්ථය අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධය ක් ඇති දෑ පදාර්ථ වේ. පදාර්ථ භෞතික ස්වභාවය හා රසායනික සංයුතිය අනූව වර්ග කිරීම. පරමාණුව පදාර්ථයේ තැනුම් ඒකකය වේ. එය උපපරමාණුක අංශූ වලින් සෑදි ඇත. ප්‍රෝටෝන-ධන ආරෝපිත ය. ඉලෙක්ට්‍රෝන-ඍණ ආරෝපිතය. නියුට්‍රෝන-ආරෝපණයක් නොමැත. පරමාණුවේ න්‍යෂ්ටික ආකෘතිය අනූව පරමාණුවේ මධ්‍යයේ න්‍යෂ්ටිය නම් ස්කන්ධය ඒකරාශි වූ ප්‍රදේශය ක් ඇත. එහි,නියුට්‍රෝන,ප්‍රෝටෝන අඩංගු වේ. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා අවකාශය ක පවති. පරමාණුවක ඉලෙක්ට්‍රෝන ,ප්‍රෝටෝන ගණන සමාන නිසා ,විද්‍යුත් වශයෙන් උදාසීන ය. පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය  මෙය ඉදිරිපත් කරන ලද්දේ අර්නස්ට් රදර්ෆඩ් විසින් ය. ධන ආරෝපිත න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙමින් පවති. එය ග්‍රහ ලෝක සූර්‍ය්යා වටා භ්‍රමණය වීමට සමාන වේ.න්‍යෂ්ටිය  වටා ඉලෙක්ට්‍රෝන වේගයෙන් භ්‍රමණය වන නිසා ඒවා න්‍යෂ්ටිය මතට පතිත නොවේ. නීල්ස් බෝර් විසින් මෙය තවදුරටත් විස්තර කරන ලදී බෝර් විසින් ධන ආරෝපිත  න්‍යෂ්ටිය වටා ඇති නිශ්චිත පථ වල හෙවත් කක්ෂ වල ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙන බව ප්‍රක...