මෙහිදී
- ඉතිහාස මූලාශ්‍ර හදූනා ගැනීම.
- මූලාශ්‍ර මත ඉතිහාසය ගොඩ නැගෙන ආකාරය
- ඉතිහාසය හැදෑරීමෙන් ලැබෙන ප්‍රයෝජන
ඉගෙනීමට හැකිය.
මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකි.
- සාහිත්‍ය මූලාශ්‍රය
- පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය
සාහිත්‍ය මූලාශ්‍රය කොටස් දෙකකි
- දේශීය සාහිත්‍ය මූලාශ්‍රය
- විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය
සාහිත්‍ය මූලාශ්‍රය ක් යනු අතීත ප්‍රජාව විවිධ කාල වකවානු වලදි ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන ය.
දේශීය සාහිත්‍ය මූලාශ්‍ර යනු වසර 2000 කට පෙර ලාංකිකයන් විසින් ලියන ලද ග්‍රන්ථ ය.
ඒවා ගද්‍ය පද්‍ය කෘතිය .
විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර යනු ලංකාව පිළිබඳ උනන්දුවක් දැක්වූ විදේශිකයන් මෙරට පිළිබඳ තොරතුරු දක්වමින් ලියන ලද කෘතිය .
දේශීය සාහිත්‍ය මූලාශ්‍රය
- ලංකාවේ පැරැණි ම කෘතිය දීපවංශය ලෙස සැලකේ.
- දීපවංශය ක්‍රි.ව 4 වන සියවසේදී පමණ රචනා කර ඇත.
- මහසෙන් රාජ්‍ය සමය දක්වා අයිතිහාසික හා ශාසන තොරතුරු ඇතුලත් ය.
- ඉතා කෙටියෙන් තොරතුරු දක්වා ඇති නිසාත් පුනරුක්ති දෝෂ ඇති නිසා මෙයට වඩා අඩුපාඩු අඩු වන සේ මහාවංසය රචනා කර ඇත.
- මහාවංසය කොටස් කිහිපයකින් යුක්තය.
- මහානාම හිමි විසින් රචනා කර ඇත.
- මුල් කොටසට බුදුන්වහන්සේගේ ලංකාගමනයේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානය දක්වා අයිතිහාසික තොරතුරු ඇතුලත් ය.
- පස්වන සියවසේ හෝ හයවන සියවසේ පමණ රචනා කර ඇත.
- මහාවංසයේ දීපවංශයේ ඇතැම් තොරතුරු සමානතවයක් දක්වයි.
- මෙම මූලාශ්‍ර ලිවීම සඳහා ඊට ප්‍රථම ලියන ලද සීහළට්ඨකථා මහාවංසය ,උත්තර විහාරට්ඨ කථා ,විනයට්ඨ කථා ආභාසය කරගෙන ඇත.
- මහානාම හිමි ලිවූ මහාවංසය මුල් කොටසට පසුව වෙනත් කතුවරුන්,වරින් වර ඒ ඒ කාලවකවානු වල තොරතුරු ඇතුලත් කර ඇත.
- ඒ අනූව මහාවංසය අඛණ්ඩ ව ලිය වී ඇත.
- ඇතැම් අයිතිහාසික සිදුවීම් ශිලා ලිපි හා වෙනත් මූලාශ්‍ර මගින් තහවුරු වන නිසා මෙය විශ්වාසනීය මූලාශ්‍ර යක් ලෙස සැලකේ .
- මහාවංසය ලිය වී ශතවර්ෂ හතරකට පසුව වංසත්ථප්පකාසිනී යනුවෙන් හැදින්වෙන මහාවංස ටීකාවක් සම්පාදනය වී ඇත.
- එයින් මහාවංසයේ ඇතැම් තැන් තවත් විස්තර කොට අර්ථ විවරණය කර ඇත.
අනුරාධපුර යුගයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා රචනා වී ඇති ග්‍රන්ථ
- බෝධිවංසය
- ථූපවංසය
- ධාතුවංසය
- පූජාවලිය
- සද්ධර්මාලංකාරය
මේවා ධර්ම ග්‍රන්ථ ය. රජරට ශිෂ්ටාචාරය හැදෑරීමේ දී වැදගත් වේ.
ගම්පොළ රාජ්‍ය කාලයේ සිට කෝට්ටේ රාජ්‍ය සමය දක්වා ඉතිහාසය හැදෑරීමේ දී
- ශාසන ඉතිහාසය පිළිබඳ ව නිකාය සංග්‍රහය මගිනුත්
- දේශපාලන තොරතුරු පිළිබඳ ව රාජාවලිය මගිනුත්
තොරතුරු ලබාගත හැක.
කෝට්ටේ යුගයේ සිට මහනුවර යුගය දක්වා ඉතිහාසය හැදෑරීමේ දී
සංදේශ කාව්‍ය
ප්‍රශස්ති කාව්‍ය
හටන් කාව්‍ය
වැදගත් ය.
සංදේශ කාව්‍ය -මයුර සංදේශ ය,තිසර සංසංදේශය ,සැළලහිණි සංදේශය
ප්‍රශස්ති කාව්‍ය -පැරකුම්බා සිරිත
හටන් කාව්‍ය -සීතාවක සටන,කොන්ස්තන්තීනු හටන,ඉංග්‍රීසි හටන
ඉතිහාසය ගොඩනැගීමට සාහිත්‍ය මූලාශ්‍ර යොදාගැනීමේදි සැලකිලිමත් විය යුතු කරුණු .
- මූලාශ්‍රය රචනා වූ කාලය
- මූලාශ්‍රයේ කතුවරයා
- කතුවරයා ගේ අරමුණු
- මූලාශ්‍රය ට කරුණු සපයාගත් ආකාරය
ඉහත ආකාරයට සැලකිලිමත් විය යුත්තේ
බොහොමයක් කෘති ආගමික අරමුණු වලින් රචනා වීම.
ඇතැම් සිදුවීම් රචනා කර ඇත්තේ සිදුවීම් වලින් ශතවර්ෂ කිහිපයකට පසුවය.
අපගේ ඊලඟ ලිපියෙන් විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගැන කෙටි සටහනක් බලාපොරොත්තු වන්න.
Comments
Post a Comment