- මේ වන විට මූලද්‍රව්‍ය 115 කට වඩා සොයාගෙන ඇත.
- මේවාගේ ගුණ වෙන් වෙන් වශයෙන් අධ්‍යනය කිරීම අපහසු ය
- විද්යාඥයින් විසින් මූලද්‍රව්‍ය විවිධ ක්‍රම අනූව වර්ග කිරීමට උත්සාහ කර ඇත.
- මූලද්‍රව්‍ය වර්ගීකරණය සඳහා ආවර්තිතා වගුවක් දිමිත්‍ර්‍ර්‍රී මෙන්ඩලීෆ් විසින් මුලින් ම ඉදිරිපත් කරන ලදී.
නූතන ආවර්තිතා නියමය
- නූතන ආවර්තිතා වගුව පදනම් වී ඇත්තේ පරමාණුක ක්‍රමාංකය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතයි.
- පරමාණුක ක්‍රමාංකය ආරෝහණය වන පිළිවෙළ ට සකස් කල විට කිසියම් මූලද්‍රව්‍ය පරාසයකට පසුව සමාන ගුණ සහිත මූලද්‍රව්‍ය යලිත් හමුවෙන බවයි.
නූතන ආවර්තිතා වගුව පහත දැක්වේ.
- ආවර්තිතා වගුවේ තිරස් පේළි ආවර්ත වේ.
- සිරස් පේළි කාණ්ඩ නම් වේ.
මූලද්‍රව්‍ය ආවර්ත වලට බෙදීම.
- මූලද්‍රව්‍යයේ පරමාණුවක තිබෙන ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත ව පවතින ශක්ති මට්ටම් ගණන අනූවය.
- අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත මූලද්‍රව්‍යයක ගුණ රඳා පවති.
- මේවා සංයුජතා ඉලෙක්ට්‍රෝන යනුවෙන් හඳුන්වයි .
- යම් මූලද්‍රව්‍යයක් අයත් වන කාණ්ඩය තීරණය වන්නේ එහි අවසාන ශක්ති මට්ටමේ අඩංගු ඉලෙක්ට්‍රෝන ගණන අනූවය.
යම් කිසි මූලද්‍රව්‍යයක් ආවර්තිතා වගුවේ කවර ස්ථානයකට අයත් දැයි සොයාගන්නා ආකාරය.
සමස්ථානික.
- එකම මූලද්‍රව්‍යයේ පරමාණූවල වුවද නියුට්‍රෝන වෙනස් පරමාණු ඇත.
- ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වේ.
- එනම් එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංකය සහිත පරමාණු තිබිය හැක.
එකම මූලද්‍රව්‍යයේ ඇති වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු එම මූලද්‍රව්‍යයේ සමස්ථානික ලෙස හැඳින් වේ.
ආවර්තිතා වගුවේ දැකිය හැකි රටා
ආවර්තිතා වගුවේ
- ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විටත්
- කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යන විටත්
මූලද්‍රව්‍ය වල භෞතික සහ රසායනික ගුණ ක්‍රමානුකූලව විචලනය වේ.
පළමුවන අයනීකරණ ශක්තිය
න්‍යෂ්ටික ආකෘතිය අනූව
- ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා භ්‍රමණය වෙමින් පවති.
- සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වෙත ධන ආරෝපිත න්‍යෂ්ටිය මගින් ආකර්ෂණයක් ඇති කරයි.
- ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට නම් එම ආකර්ෂණය අබිබවා ශක්තියක් සැපයිය යුතුය.
- මෙසේ පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කල විට ධන අයනයක් බවට පත් වේ.
වායුමය අවස්ථා වේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒක ධන අයනයක් සෑදීම ට සැපයිය යුතු අවම ශක්තිය එහි ප්‍රථම අයනීකරණ ශක්තිය යි.
මෙම අගය පරමාණු 6.022x1023 ප්‍රමාණයක් හෙවත් මවුලයක් සඳහා ඉදිරිපත් කරයි.
- ආවර්තයක වමේ සිට දකුණට යන විට ක්‍රමානුකූල රටාවකට ප්‍රථම අයනීකරණ ශක්තිය විචලනය වේ.
- අඩුම අයනීකරණ ශක්තිය ඇත්තේ 1 කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලටයි.
- සෑම ආවර්තයකම උපරිම ප්‍රථම අයනීකරණ ශක්තිය ඇත්තේ 7 වන කාන්ඩයේ මූලද්‍රව්‍ය වලටය.
- කාණ්ඩය ක පහලට යන විට අයනීකරණ ශක්තිය අඩු වේ.
- කාන්ඩයේ පහලට යන විට මූලද්‍රව්‍ය පරමාණුවක් සතු ශක්ති මට්ටම් ගණන වැඩි වේ.
- එවිට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටියෙන් යෙයෙදෙන ආකර්ෂණය අඩුය.
- එවිට ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම පහසු වේ.
විද්‍යුත් සෘණතාවය
- මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණු වක් සමඟ සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට.එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමේ හැකියාවයි.
- ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යන විට විද්‍යුත් සෘණතාවය වැඩි වේ.
- කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යන විට විද්‍යුත් සෘණතාවය අඩු වේ.
ඊලඟ ලිපියෙන් ලෝහ අලෝහ සහ ලෝහාලෝහ ගැන Notes එකක් බලාපොරොත්තු වන්න
සැකසුම
Prasanna J
Source
Grade 10 Textbook
ඔබගේ වටිනා අදහස් comment කරන්න,ඔයාගේ යහළුවන්ටත් බලන්න share කරන්න.
whats up
077 2178365
Like us on Facebook
Comments
Post a Comment