Skip to main content

O/L Science -පදාර්ථයේ ව්‍යුහය



 අප අවට පරිසරයේ ඇති දෑ 

  • පදාර්ථ 
  • ශක්තිය ලෙස වර්ග කල හැක.

පදාර්ථය

අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධය ක් ඇති දෑ පදාර්ථ වේ.

පදාර්ථ භෞතික ස්වභාවය හා රසායනික සංයුතිය අනූව වර්ග කිරීම.




  • පරමාණුව පදාර්ථයේ තැනුම් ඒකකය වේ.
  • එය උපපරමාණුක අංශූ වලින් සෑදි ඇත.
  • ප්‍රෝටෝන-ධන ආරෝපිත ය.
  • ඉලෙක්ට්‍රෝන-ඍණ ආරෝපිතය.
  • නියුට්‍රෝන-ආරෝපණයක් නොමැත.

පරමාණුවේ න්‍යෂ්ටික ආකෘතිය අනූව

  • පරමාණුවේ මධ්‍යයේ න්‍යෂ්ටිය නම් ස්කන්ධය ඒකරාශි වූ ප්‍රදේශය ක් ඇත.
  • එහි,නියුට්‍රෝන,ප්‍රෝටෝන අඩංගු වේ.
  • ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා අවකාශය ක පවති.
  • පරමාණුවක ඉලෙක්ට්‍රෝන ,ප්‍රෝටෝන ගණන සමාන නිසා ,විද්‍යුත් වශයෙන් උදාසීන ය.

පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය 

  • මෙය ඉදිරිපත් කරන ලද්දේ අර්නස්ට් රදර්ෆඩ් විසින් ය.
  • ධන ආරෝපිත න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙමින් පවති.
  • එය ග්‍රහ ලෝක සූර්‍ය්යා වටා භ්‍රමණය වීමට සමාන වේ.න්‍යෂ්ටිය  වටා ඉලෙක්ට්‍රෝන වේගයෙන් භ්‍රමණය වන නිසා ඒවා න්‍යෂ්ටිය මතට පතිත නොවේ.

නීල්ස් බෝර් විසින් මෙය තවදුරටත් විස්තර කරන ලදී

  • බෝර් විසින් ධන ආරෝපිත  න්‍යෂ්ටිය වටා ඇති නිශ්චිත පථ වල හෙවත් කක්ෂ වල ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙන බව ප්‍රකාශ කරන ලදී.
  • ඉලෙක්ට්‍රෝන චලනය වන්නේ ශක්ති මට්ටම් වලය.


පහත වගුවේ ආකාරයට ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිහිටයි.



පරමාණුක ක්‍රමාංකය

  • මූලද්‍රව්‍යයක අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව  එහි පරමාණුක ක්‍රමාංකය නම් වේ.
  • මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය =මූලද්‍රව්‍ය යේ පරමාණුවක ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව 
  • මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය එම මූලද්‍රව්‍යට අනන්‍ය ලක්ෂණ යකි.
  • Z වලින් මෙය නිරූපණය කරයි.
  • උදාසීන පරමාණුවක පරමාණුක ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන ගණනට ද සමාන වේ.

ස්කන්ධ ක්‍රමාංකය 


  • පරමාණුවක ස්කන්ධය කෙරෙහි බලපාන්නේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන වල ස්කන්ධ පමණි.
  • පරමාණුවක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවේත් නියුට්‍රෝන සංඛ්‍යාවේත් එකතුව ස්කන්ධ ක්‍රමාංකය නම් වේ.
  • ස්කන්ධ ක්‍රමාංකය =ප්‍රෝටෝන සංඛ්‍යාව +නියුට්‍රෝන සංඛ්‍යාව 
  • මෙය A සංකේතයෙන් නිරූපණය කෙරේ.

මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය ලියා දැක්වීමේ සම්මත ක්‍රමය පහත දැක්වේ.

ඉලෙක්ට්‍රෝන වින්‍යාසය

පරමාණුවක න්‍යෂ්ටියේ සිට පිටතට පිළිවෙලින් ඒ ඒ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලෙස හැඳින්වේ .

පරමාණුක ක්‍රමාංකය  1සිට 20 දක්වා වූ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 



අපගේ ඊලඟ ලිපියෙන් ආවර්තිතා වගුව සම්බන්ධ Short note එකක් බලාපොරොත්තු වන්න.

සැකසුම 

Prasanna J

Source 

Grade10 Science Textbook 

ඔබගේ වටිනා අදහස් comment කරන්න ,තවත් කෙනෙකුට බලන්න share කරන්න .

Whats up

0772178365

Like us on facebook 

O/L Shortnotes










Comments

Popular posts from this blog

O/L Science ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම් Part 1

පීඩනය  පීඩනය යනු ඒකක වර්ගඵලයක් මත ක්‍රියාකරන බලය යි. ද්‍රව පීඩනය   ද්‍රව නිසා ද පීඩන හට ගනී. ද්‍රවයක් තුළ යම් ස්ථානයක දී පීඩනය ඊට ඉහළින් ඇති ද්‍රව කඳේ උස මත රඳා පවති. ද්‍රව කඳේ උස වැඩි වන විට පීඩනය වැඩි වන අතර උස අඩු වන විට පීඩනය අඩු වේ. ද්‍රවයේ සම මට්ටම් වල දී පීඩන සමාන වේ. ද්‍රවය තුළ යම් ස්ථානයකදී ඕනෑම දිශාවකට පීඩනය එකම අගයක් ගනී. ද්‍රව පීඩනය ද්‍රව කඳේ හැඩය මත රඳා නොපවතින අතර,ද්‍රව කඳේ සිරස් උස මත පමණක් රඳා පවතී. භාජනය ක ඇති ද්‍රව කඳේ උස h නම් සහ ද්‍රවයේ ඝනත්වය ρ   නම්,භාජනයේ පතුලේ ඒකක වර්ගඵලයකට ඉහළින් තිබෙන ද්‍රව කඳේ බර වන්නේ  hρg ය. ද්‍රවයක් තුළ ඇති ඕනෑම ලක්ෂ්‍යකට ඉහළින් ඇති ද්‍රව කඳේ උස h නම් ද එම ලක්ෂ්‍යයේ පීඩනය   P ද නම් ද අපේ මීලඟ ලිපියෙන් ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය හා වායු පීඩනය ගැන ලිපියක් බලාපොරොත්තු වන්න . සැකසුම  Prasanna J Source  Grade10 Science Textbook  ඔබගේ වටිනා අදහස් comment කරන්න ,තවත් කෙනෙකුට බලන්න share කරන්න. Whats up 077 2178365

O/L History පළමු වන ලෝක මහා සංග්‍රාමය

 1914-1918 කාලයේ පැවතීය. යුරෝපයෙන් ආරම්භ විය,පසුව අනිත් මහද්වීප කරාද පැතිරි ගියේය. පළමු වන ලෝක මහා සංග්‍රාමයට බල පෑ හේතු ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී,ප්‍රංශය හා ජර්මනිය සතුරන් බවට පත් විය. ජර්මනිය බිහි කරන ලද්දේ ඔටෝවෝන් බිස්මාර්ක් ය. දෙවන විලියම් නම් ජර්මන් අධිරාජයාගේ ක්‍රියා කලාපය . ජර්මනිය ට යටත් විජිත පිහිටුවා ජර්මන් අධිරාජ්‍යයක් පිහිට වීමට යෑම. යටත් විජිත සඳහා වූ තරඟය  ආසියා,අප්‍රිකා ප්‍රදේශ වෙත ජර්මනිය යටත් විජිත පිහිටුවා ගැනීම සඳහා පැමිණීම. අවි තරගය හා ජාතිවාදය වර්ධනය වීම. එක් එක් රටවල් අවි ආයුධ කෙරෙහි විශ්වාසය තැබීම නිසා යුරෝපීය රටවල් අතර අවි තරඟයක් නිර්මාණය වීම. එමෙන්ම ඉතාලියේ හා ජර්මනියේ ජාතිකවාදය තුලින් එක්සත් කිරීම නිසා යුරෝපයේ ජාතිකවාදී ප්‍රවණතාවය වර්ධනය වීම. එහි විශේෂ ලක්ෂණය  වූයේ තමන්ගේ රටට ආදරය කිරීමත් සෙසු රටවල් හෙලා දැකීමත් ය. ප්‍රංශය යුරෝපය තුල තනි කිරීමට බිස්මාර්ක් අනුගමනය කල විදේශ ප්‍රතිපත්තිය. ජර්මනිය හා ප්‍රංශය මුල් කරගත් කඳවුරු දෙකක් නිර්මාණය වීම. ජර්මනිය ,ඉතාලිය ,ඔස්ට්‍රියාව ඇතුලත් කඳවුර මධ්‍යම බලවතුන් ලෙස හැඳින්වීය. ප්‍රංශය ,බ්‍රිතාන්‍යය ,රුසියාව ඇතුලත් ක