Skip to main content

O/L Science විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් ප්‍රේරණය Part-2


 


  • චුම්බක ක්ෂේත්‍රයක තැබූ ධාරාවක් ගෙන යන සන්නායකයක් මත බලයක් ඇති වේ.

  • බලය ඇතිවන දිශාව ,චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ටත්,ධාරාව ගලන දිශාවට ත් යන දිශා දෙකටම ලම්බක වේ.
  • එහි දී ඇතිවන බලයේ විශාලත්වය පහත සඳහන් සාධක මත රඳා පවති.

  1. සන්නායකයේ ගලන ධාරාවේ විශාලත්වය 
  2. චුම්බක ක්ෂේත්‍රය තුළ තබන සන්නායකයේ දිග
  3. චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය.

  • මෙම සාධක තුන වැඩි වන විට ඇතිවන බලය වැඩි වේ.
  • මෙම සාධක තුන අඩු වන විට ඇතිවන බලය අඩු වේ.
  • එනම් ඇතිවන බලය මෙම සාධක තුනටම අනුලෝමව සමානුපාතික වේ.

ෆ්ලෙමින්ගේ වමත් නීතිය (Fleming's left handed rule)

  • චුම්බක ක්ෂේත්‍රය ක් තුළ තැබූ සන්නායකයක් තුලින් ධාරාවක් යැවීමේ දී ඇතිවන බලය හා එහි දිශාව සොයාගැනීම ට ෆ්ලෙමින්ගේ වමත් නීතිය භාවිතා කරයි.

වම් අතෙහි මහපටඟිල්ල,දබරැඟිල්ල සහ මැඳගිල්ල එකිනෙකට ලම්බකව තබාගෙන ධාරාවේ දිශාවට මැදගිල්ලත් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ට දබරැඟිල්ල ත් යොමු කල විට මාපටඟිල්ල යොමුවන දිශාව ,සන්නායකය මත බලය ඇතිවන දිශාව යි.




  • විදුලි මෝටරය,ශබ්ද විකාශකය,ගැල්වනෝමීටරය,වෝල්ට්මීටරය සහ ඇමීටරය මෙම සංසිද්ධිය පදනම් කරගෙන නිපදවන ලද උපකරණ වේ.

ශබ්ද විකාශකය ගැන හා සරල ධාරා මෝටරය ගැන පාඩමක් හෙට දින බලාපොරොත්තු වන්න.

සැකසුම 

Prasanna J 

Source 

Grade11 Science Textbook 

ඔබගේ වටිනා අදහස් comment කරන්න ,නැතිනම්  whatsup  කරන්න ,තවත් කෙනෙකුට බලන්න share කරන්න .

Whats up

077 2178365

මෙම පාඩම් මාලාවෙ 1 වන කොටස කියවීම සඳහා පහතින් click කරන්න.

O/L Science විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් ප්‍රේරණය Part 1





Comments

Popular posts from this blog

O/L Science නූතන ආවර්තිතා වගුව

මේ වන විට මූලද්‍රව්‍ය 115 කට වඩා සොයාගෙන ඇත. මේවාගේ ගුණ වෙන් වෙන් වශයෙන් අධ්‍යනය කිරීම අපහසු ය විද්යාඥයින් විසින් මූලද්‍රව්‍ය විවිධ ක්‍රම අනූව වර්ග කිරීමට උත්සාහ කර ඇත. මූලද්‍රව්‍ය වර්ගීකරණය සඳහා ආවර්තිතා වගුවක් දිමිත්‍ර්‍ර්‍රී මෙන්ඩලීෆ් විසින් මුලින් ම ඉදිරිපත් කරන ලදී. නූතන ආවර්තිතා නියමය නූතන ආවර්තිතා වගුව පදනම් වී ඇත්තේ පරමාණුක ක්‍රමාංකය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතයි. පරමාණුක ක්‍රමාංකය ආරෝහණය වන පිළිවෙළ ට සකස් කල විට කිසියම් මූලද්‍රව්‍ය පරාසයකට පසුව  සමාන ගුණ සහිත මූලද්‍රව්‍ය යලිත් හමුවෙන බවයි. නූතන ආවර්තිතා වගුව පහත දැක්වේ. ආවර්තිතා වගුවේ තිරස් පේළි ආවර්ත වේ. සිරස් පේළි කාණ්ඩ නම් වේ. මූලද්‍රව්‍ය ආවර්ත වලට බෙදීම. මූලද්‍රව්‍යයේ පරමාණුවක තිබෙන ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත ව පවතින ශක්ති මට්ටම් ගණන අනූවය. මූලද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදීම   අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත මූලද්‍රව්‍යයක ගුණ රඳා පවති. මේවා සංයුජතා ඉලෙක්ට්‍රෝන යනුවෙන් හඳුන්වයි . යම් මූලද්‍රව්‍යයක් අයත් වන කාණ්ඩය තීරණය වන්නේ එහි අවසාන ශක්ති මට්ටමේ අඩංගු ඉලෙක්ට්‍රෝන ගණන අනූවය.           ...

O/L Science ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම් Part 1

පීඩනය  පීඩනය යනු ඒකක වර්ගඵලයක් මත ක්‍රියාකරන බලය යි. ද්‍රව පීඩනය   ද්‍රව නිසා ද පීඩන හට ගනී. ද්‍රවයක් තුළ යම් ස්ථානයක දී පීඩනය ඊට ඉහළින් ඇති ද්‍රව කඳේ උස මත රඳා පවති. ද්‍රව කඳේ උස වැඩි වන විට පීඩනය වැඩි වන අතර උස අඩු වන විට පීඩනය අඩු වේ. ද්‍රවයේ සම මට්ටම් වල දී පීඩන සමාන වේ. ද්‍රවය තුළ යම් ස්ථානයකදී ඕනෑම දිශාවකට පීඩනය එකම අගයක් ගනී. ද්‍රව පීඩනය ද්‍රව කඳේ හැඩය මත රඳා නොපවතින අතර,ද්‍රව කඳේ සිරස් උස මත පමණක් රඳා පවතී. භාජනය ක ඇති ද්‍රව කඳේ උස h නම් සහ ද්‍රවයේ ඝනත්වය ρ   නම්,භාජනයේ පතුලේ ඒකක වර්ගඵලයකට ඉහළින් තිබෙන ද්‍රව කඳේ බර වන්නේ  hρg ය. ද්‍රවයක් තුළ ඇති ඕනෑම ලක්ෂ්‍යකට ඉහළින් ඇති ද්‍රව කඳේ උස h නම් ද එම ලක්ෂ්‍යයේ පීඩනය   P ද නම් ද අපේ මීලඟ ලිපියෙන් ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය හා වායු පීඩනය ගැන ලිපියක් බලාපොරොත්තු වන්න . සැකසුම  Prasanna J Source  Grade10 Science Textbook  ඔබගේ වටිනා අදහස් comment කරන්න ,තවත් කෙනෙකුට බලන්න share කරන්න. Whats up 077 2178365

O/L Science -පදාර්ථයේ ව්‍යුහය

 අප අවට පරිසරයේ ඇති දෑ  පදාර්ථ  ශක්තිය ලෙස වර්ග කල හැක. පදාර්ථය අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධය ක් ඇති දෑ පදාර්ථ වේ. පදාර්ථ භෞතික ස්වභාවය හා රසායනික සංයුතිය අනූව වර්ග කිරීම. පරමාණුව පදාර්ථයේ තැනුම් ඒකකය වේ. එය උපපරමාණුක අංශූ වලින් සෑදි ඇත. ප්‍රෝටෝන-ධන ආරෝපිත ය. ඉලෙක්ට්‍රෝන-ඍණ ආරෝපිතය. නියුට්‍රෝන-ආරෝපණයක් නොමැත. පරමාණුවේ න්‍යෂ්ටික ආකෘතිය අනූව පරමාණුවේ මධ්‍යයේ න්‍යෂ්ටිය නම් ස්කන්ධය ඒකරාශි වූ ප්‍රදේශය ක් ඇත. එහි,නියුට්‍රෝන,ප්‍රෝටෝන අඩංගු වේ. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා අවකාශය ක පවති. පරමාණුවක ඉලෙක්ට්‍රෝන ,ප්‍රෝටෝන ගණන සමාන නිසා ,විද්‍යුත් වශයෙන් උදාසීන ය. පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය  මෙය ඉදිරිපත් කරන ලද්දේ අර්නස්ට් රදර්ෆඩ් විසින් ය. ධන ආරෝපිත න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙමින් පවති. එය ග්‍රහ ලෝක සූර්‍ය්යා වටා භ්‍රමණය වීමට සමාන වේ.න්‍යෂ්ටිය  වටා ඉලෙක්ට්‍රෝන වේගයෙන් භ්‍රමණය වන නිසා ඒවා න්‍යෂ්ටිය මතට පතිත නොවේ. නීල්ස් බෝර් විසින් මෙය තවදුරටත් විස්තර කරන ලදී බෝර් විසින් ධන ආරෝපිත  න්‍යෂ්ටිය වටා ඇති නිශ්චිත පථ වල හෙවත් කක්ෂ වල ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙන බව ප්‍රක...