ප්‍රධාන වශයෙන් චුම්බක වර්ග දෙකකි.
ඒවා නම් විද්‍යුත් චුම්බක හා නිත්‍ය චුම්බක වේ.
විද්‍යුත් චුම්බක
- එහි දඟරය හරහා ධාරාවක් ගලායන තෙක් එය චුම්බක යකි.
- චුම්බකත්වය නියත වන චුම්බක වල එය ද්‍රව්‍යයේ ගුණයකි.
- ලෝහ ද්‍රව්‍යය චුම්බක වලට ආකර්ෂණය වේ.
- අලෝහ ද්‍රව්‍යය චුම්බක වලට ආකර්ෂණය නොවේ.
චුම්බක ක්ෂේත්‍රය
- චුම්බකය මගින් බලපෑමක් කල හැකි අවකාශය චුම්බක ක්ෂේත්‍රය(magnetic field)නම් වේ.
- චුම්බක ක්ෂේත්‍රය ක මාලිමාවක් තැබු විට එහි දර්ශකයෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පෙන්වයි.
- ලක්ෂ්‍යයෙන් ලක්ෂ්‍යට දිශාව වෙනස් විය හැක.
- චුම්බක ක්ෂේත්‍රය ක් යනු විශාලත්වය ක් දිශාවක් සහිත භෞතික රාශියකි .
ධාරාවේ චුම්බක ඵලය
- සන්නායකයක් තුලින් ධාරාවක් ගලායන විට සන්නායකය වටා චුම්බක ක්ෂේත්‍රය ක් ඇති වේ.
- ධාරාවක් ගලායන සන්නායකයක් වටා ඇති වන චුම්බක ක්ෂේත්‍රය ධාරාව ගලායන දිශාව මත රඳා පවති.
සෘජු සන්නායකයක් තුලින් ගලන ධාරාවක් නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව.
- මෙහිදී චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සොයාගැනීම සඳහා නීති දෙකක් භාවිතා කරයි.
මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය
සන්නායකයේ ධාරාව ගලන දිශාවට චලනය වන සේ කස්කුරුප්පුවක් භ්‍රමණය කරන විට,එම ධාරාව නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ බල රේඛා ගමන් කරන දිශාව කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාව වේ.
කස්කුරුප්පුව ක හැසිරීම ඉස්කුරුප්පු ඇණයක හැසිරීම මගින් ආදර්ශනය කල හැක.
ඇම්පියර්ගේ දකුණත් නීතිය
ධාරාවක් ගලන දිශාවට මහපට ඇඟිල්ල යොමු වන පරිදි දකුණු අතින් සන්නායකය අල්ලා ගතහොත් ඉතිරි ඇඟිලි හැරී ඇති දිශාවෙන් සන්නායකය වටා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දැක්වේ .
අපි හෙට දින චුම්බක ක්ෂේත්‍රය ක තැබූ ධාරාවක් ගෙන යන සන්නායකයක් මත ඇති වන බලය ගැන සාකච්ඡා කරමු.
සැකසුම
Prasanna J
Source
Grade11 Science Textbook
ඔබේ වටිනා අදහස්,ඔබට අවශ්‍ය පාඩම් පිළිබඳ අපව දැනුවත් කරන්න ,ඒ වගේම තවත් කෙනෙකුට කියවන්න Share කරන්න .
Whats up
077 2178365
Comments
Post a Comment