Skip to main content

O/L Science -චලිතය පිළිබඳ නිව්ටන් නියම




බලයේ ස්වභාවය  එහි බලපෑම් 

යමක්

ඇදීමේදී

එසවීමේදී

තෙරපීමේදී

අපි බලයක් යොදනු ලබයි.

නිශ්චල වස්තුවක් චලනය කිරීමට එය චලනය කිරීමට අවශ්‍ය දිශාවට අපි බලයක් යෙදිය යුතුය.

බලය යෙදූ පමණින් එය චලනය නොවේ,එයට හේතුව වන්නේ ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වීමයි.

ඝර්ෂණ බලය අපි බලය යොදන දිශාවට විරුද්ධ දිශාවෙන්  ක්‍රියාත්මක වේ.

ඔබට වස්තුව චලනය කිරීමට අවශ්‍ය නම් ඝර්ෂණ බලයට වඩා වැඩි බලයක් යෙදිය යුතුය.

ඒ අනූව පැහැදිලි වන්නේ නිශ්චල වස්තුවක් මත අසමතුලිත බල ක්‍රියාත්මක වන විට චලනය වන ආරම්භ වන බවයි.

බලයක් යෙදීමෙන් ලැබෙන ඵලය,එම බලයේ දිශාව අනූව වෙනස් වේ.

පහත රූපයේ කරත්තය යන දිශාවට පිටුපසින් තවත් බලයක් යෙදුවොත් කරත්තයේ ප්‍රවේගය වැඩි වේ.

කරත්තය චලනය වන දිශාවට විරුද්ධ දිශාවෙන් බලයක් යෙදුවොත් කරත්තයේ ප්‍රවේගය අඩු වේ.




බලයට විශාලත්වය ක් මෙන්ම දිශාවක් ද ඇත.

බලය දෛශික රාශියකි.

බලයක් ක්‍රියාකරන දිශාව එම ලක්ෂ්‍යයේ සිට අඳින ලද සරල රේඛාවකින් දක්වයි.

එය බලයේ ක්‍රියා රේඛාව වේ.

නිව්ටන්ගේ පළමු වන නියමය.

බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තූන් නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තූන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ.

නිවටන්ගේ දෙවන නියමය

වස්තුවක ඇතිවන ත්වරණය ,එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර,වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

ත්වරණය ,අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතිකය යන්නෙන් අදහස් කරන්නේ

 බලයේ විශාලත්වය යම් අනුපාතයකින් අඩු හෝ වැඩි කල විට එම අනුපාතයෙන් ම ත්වරණය ද අඩු හෝ වැඩි වන බවයි.

ත්වරණය ,ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකය යනු

ස්කන්ධය යම් අනුපාතයකින් වැඩි කල විට ත්වරණය එම අනුපාතයෙන් අඩු වන බවය.

ස්කන්ධය යම් අනුපාතයකින් අඩු කල විට ත්වරණය එම අනුපාතයෙන් වැඩි වන බවය.

මෙම අවස්ථා සංකේතාත්මකව පහත ලෙස දැක්විය හැක.


යම් වස්තුවකට බලයක් යොදන විට එම බලයේ දිශාවට වස්තුවේ ත්වරණය ක් ඇති වේ.

නිව්ටන්ගේ  තුන්වන නියමය.

සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත.

ක්‍රියාවක් (action ) යනුවෙන් අදහස් කරන්නේ යම් වස්තුවක් මගින් තවත් වස්තුවක් මත යෙදෙන බලයකි.

ප්‍රතික්‍රියාව (Reaction) වන්නේ දෙවන වස්තුව මගින් පළමු වස්තුව මත යෙදෙන බලයකි.



EX1-ඔරුවක් පදින විට හබලෙන් ජලය පසුපසට තල්ලු කරයි.හබලෙන් ජලයට බලය යොදයි.ජලයෙන් හබල මත යෙදෙන ප්‍රතික්‍රියාව  නිසා ඔරුව ඉදිරියට ගමන් කරයි.

ගම්‍යතාවය

ගම්‍යතාවය යනු චලනය වන වස්තුවක චලිතය නැවත්වීමට කෙතරම් අපහසු ද යන්න මිනුමකි.

ගම්‍යතාවය කෙරෙහි ස්කන්ධය සහ ප්‍රවේගය යන සාධක බලපායි.



ස්කන්ධය හා බර

වස්තුවක ස්කන්ධය (mass) යනු එම වස්තුවෙහි අඩංගු පදාර්ථ ප්‍රමාණය යි.

ස්කන්ධය පිළිබඳ ජාත්‍යන්තර ඒකකය kg වේ.

වස්තුවක බර(weight) යනු එම වස්තුව පොළව වෙත ඇදගන්නා බලය යි.

එනම් ගුරුත්වාකර්ෂණය නිසා එය මත යෙදෙන බලය යි

F=ma අනූව

බර=ස්කන්ධය xගුරුත්වජ ත්වරණය =mg

බර අර්ථ දක්වන්නේ බලයක් ලෙසය.

ජත්‍යාන්තර ඒකකය නිව්ටන්(N) වේ.

පොළොව මත ගුරුත්වජ ත්වරණයේ අගය 9.8 ms-2 වේ.

සැකසුම 

Prasanna J

Source 

Grade10 Science Textbook.

ඔබගේ වටිනා අදහස් comment කරන්න ,තවත් කෙනෙකුට බලන්න share කරන්න .

Whats up

0772178365

Like us on facebook 

Shortnotes


















Comments

Popular posts from this blog

O/L Science ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම් Part 1

පීඩනය  පීඩනය යනු ඒකක වර්ගඵලයක් මත ක්‍රියාකරන බලය යි. ද්‍රව පීඩනය   ද්‍රව නිසා ද පීඩන හට ගනී. ද්‍රවයක් තුළ යම් ස්ථානයක දී පීඩනය ඊට ඉහළින් ඇති ද්‍රව කඳේ උස මත රඳා පවති. ද්‍රව කඳේ උස වැඩි වන විට පීඩනය වැඩි වන අතර උස අඩු වන විට පීඩනය අඩු වේ. ද්‍රවයේ සම මට්ටම් වල දී පීඩන සමාන වේ. ද්‍රවය තුළ යම් ස්ථානයකදී ඕනෑම දිශාවකට පීඩනය එකම අගයක් ගනී. ද්‍රව පීඩනය ද්‍රව කඳේ හැඩය මත රඳා නොපවතින අතර,ද්‍රව කඳේ සිරස් උස මත පමණක් රඳා පවතී. භාජනය ක ඇති ද්‍රව කඳේ උස h නම් සහ ද්‍රවයේ ඝනත්වය ρ   නම්,භාජනයේ පතුලේ ඒකක වර්ගඵලයකට ඉහළින් තිබෙන ද්‍රව කඳේ බර වන්නේ  hρg ය. ද්‍රවයක් තුළ ඇති ඕනෑම ලක්ෂ්‍යකට ඉහළින් ඇති ද්‍රව කඳේ උස h නම් ද එම ලක්ෂ්‍යයේ පීඩනය   P ද නම් ද අපේ මීලඟ ලිපියෙන් ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය හා වායු පීඩනය ගැන ලිපියක් බලාපොරොත්තු වන්න . සැකසුම  Prasanna J Source  Grade10 Science Textbook  ඔබගේ වටිනා අදහස් comment කරන්න ,තවත් කෙනෙකුට බලන්න share කරන්න. Whats up 077 2178365

O/L History පළමු වන ලෝක මහා සංග්‍රාමය

 1914-1918 කාලයේ පැවතීය. යුරෝපයෙන් ආරම්භ විය,පසුව අනිත් මහද්වීප කරාද පැතිරි ගියේය. පළමු වන ලෝක මහා සංග්‍රාමයට බල පෑ හේතු ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී,ප්‍රංශය හා ජර්මනිය සතුරන් බවට පත් විය. ජර්මනිය බිහි කරන ලද්දේ ඔටෝවෝන් බිස්මාර්ක් ය. දෙවන විලියම් නම් ජර්මන් අධිරාජයාගේ ක්‍රියා කලාපය . ජර්මනිය ට යටත් විජිත පිහිටුවා ජර්මන් අධිරාජ්‍යයක් පිහිට වීමට යෑම. යටත් විජිත සඳහා වූ තරඟය  ආසියා,අප්‍රිකා ප්‍රදේශ වෙත ජර්මනිය යටත් විජිත පිහිටුවා ගැනීම සඳහා පැමිණීම. අවි තරගය හා ජාතිවාදය වර්ධනය වීම. එක් එක් රටවල් අවි ආයුධ කෙරෙහි විශ්වාසය තැබීම නිසා යුරෝපීය රටවල් අතර අවි තරඟයක් නිර්මාණය වීම. එමෙන්ම ඉතාලියේ හා ජර්මනියේ ජාතිකවාදය තුලින් එක්සත් කිරීම නිසා යුරෝපයේ ජාතිකවාදී ප්‍රවණතාවය වර්ධනය වීම. එහි විශේෂ ලක්ෂණය  වූයේ තමන්ගේ රටට ආදරය කිරීමත් සෙසු රටවල් හෙලා දැකීමත් ය. ප්‍රංශය යුරෝපය තුල තනි කිරීමට බිස්මාර්ක් අනුගමනය කල විදේශ ප්‍රතිපත්තිය. ජර්මනිය හා ප්‍රංශය මුල් කරගත් කඳවුරු දෙකක් නිර්මාණය වීම. ජර්මනිය ,ඉතාලිය ,ඔස්ට්‍රියාව ඇතුලත් කඳවුර මධ්‍යම බලවතුන් ලෙස හැඳින්වීය. ප්‍රංශය ,බ්‍රිතාන්‍යය ,රුසියාව ඇතුලත් ක