Skip to main content

ICT Short Notes




 දත්ත සහ තොරතුරු 

වෙන් වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක,වචන සහ සළකුණු දත්ත (Data) වේ.

දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු (Information ) ලැබේ.

දත්ත සකස් කිරීමට යොමු කිරීම ආදානය(Input) වේ.

සකස් වූ තොරතුරු ලබාගැනීම ප්‍රතිදානය(Output) වේ.

මේ සියල්ලම එකතු වූ විට පද්ධතිය ක් වේ.

පද්ධතියක කාර්යය 

  • දත්ත ලබා ගැනීම
  • දත්ත සකස් කිරීම සහ සුරැකීම 
  • අවශ්‍ය විට තොරතුරු ලබා දීම

පරිගණක පද්ධතිය ක සංඝටක

  • දත්ත ලබා දීම(ආදානය )
  • දත්ත සකස් කිරීම සහ ගබඩා කිරීම(සැකසීම)
  • අවශ්‍ය තොරතුරු ලබාදීම(ප්‍රතිදානය )

පද්ධතිය ක් සඳහා උදාහරණ 

බැංකු පද්ධතියේ යොදාගන්නා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය (ATM)

පුවත්පත් වල සහ සඟරා වල භාවිතාවන QR කේතය.

ගුණාත්මක තොරතුරක ලක්ෂණ 

  • අදාල බව
  • අංග සම්පූර්ණ බව
  • නිරවද්‍යතාවය
  • කාලීන බව
  • පිරිවැය අවම වීම


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 

දත්ත පිළිවෙළකට සකස් කිරීමෙන් තොරතුරු ලබාගනු ලැබේ.

එම තොරතුරු තීරණ ගැනීමට උදව් වේ.

එසේ සකස් කරගත් තොරතුරු වෙනත් අයෙකු හෝ වෙනත් පරිසරයක් හෝ සමඟ හුවමාරු කරගැනීම තොරතුරු සන්නිවේදනය කිරීම වේ.

දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමත්,ඒවා හුවමාරු කරගැනීමට ත් තාක්ෂණය විවිධාකාරයෙන් යොදා ගැනේ.

මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නම් වේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම්

  • අධ්‍යාපනය 
  • ගමනාගමනය 
  • කර්මාන්ත 
  • වයාපාර
  • ඉ රාජ්‍ය 
  • කෘෂි කර්මාන්ත 
  • විනෝදාස්වාදය

ඉ-රාජ්‍ය යෙදවුම්(e-Government)

රජයක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගනිමින් තම රටෙහි

පුරවැසියන් 

සමාගම් 

රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන 

වෙනත් රටවල රාජ්‍ය සමඟ

සම්බන්ධ තා පැවැත්වීම ඉ-රාජ්‍ය (e-Government ) ලෙස දැක්විය හැක.

EX-ශ්‍රී ලංකා රජයේ වෙබ් පිටුව

අධ්‍යාපන ක්ෂේත්‍රයේ  යෙදවුම් 

පන්ති කාමරයේදී

පරිගණක ආශ්‍රිත සමර්පණ(presentations)

සඟරා,ලිපි ලේඛන සකස් කිරීම සහ මුද්‍රණය 

අන්තර්ජාලය ඔස්සේ  තොරතුරු රැස් කිරීම.

අධ්‍යාපනික ක්‍රීඩා 

ඕනෑම තැනකදි ඕනෑම වෙලාවකදි අධ්‍යාපනය ලැබීම.

ඉ-තක්සලාව

නැණසල(nenasala.lk)

ඉගැන්වීම සඳහා ගුරුවරයාට ආධරකයක් වීම.

ඉගෙනුම් කළමනාකරණය 

පාසල් අධ්‍යාපන කළමනාකරණය සහ උසස් අධ්‍යාපන කළමනාකරණය සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය ක් (Learning Management System ) යොදා ගැනීම.

සැමට උසස් අධ්‍යාපනයට ළඟා වීමේ හැකියාව 

ඕනෑම තැනක සිට තමන් කැමති ආයතනයක් හා සම්බන්ධ වීම තුලින් අඩු වියදමකින් උසස් පාඨමාලාව ක් හැදෑරීම .(Online Distance  Learning )

සවුක්‍ය ක්ෂේත්‍රයේ යෙදවුම්

වයිද්‍ය පරීක්ෂණ  සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය.

EX1-පරිගණකගත ආක්ෂක ශරීර ස්තර එක්ස්‍රේ යන්ත්‍රය .(CAT-Computerized Axial Tomography  Machine )

ශරීරයේ අභ්‍යන්තර කොටස් වෙන් වෙන් වශයෙන් ත්‍රිමාණ ලෙස රූප ගත කල හැක.

EX2-චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය 

(MRI-Magnetic Resonance Imaging Machine )

රේඩියෝ තරංග සහ ප්‍රබල චුම්බක අනුනාද මගින් ශරීරයේ අභ්‍යන්තර කොටස්වල සවිස්තරාත්මක රූපසටහන් ලබාගත හැක.

EX3-විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය (ECG-Electrocardiogram Machine )

හර්දයේ ස්පන්දනය නිරීක්ෂණය කිරීම සඳහා  යොදා ගනී.

EX4-හර්ද රෝග තිර ගැන්වීමේ යන්ත්‍ර(Cardiac Screening Machine )

හෘදයේ ක්‍රියාකාරිත්වය පරිගණක තිරයක දැක්වීම  මෙම යන්ත්‍රය  මගින් සිදු වේ.

EX5-විද්‍යුත් නිකර්පර රේඛණ යන්ත්‍රය (EEG-Electro-Encephalography)

මොළයේ ක්‍රියාකාරිත්වය සටහන් කිරීම සඳහා  මෙම උපකරණය යොදාගනු ලබයි.

EX6-රුධිරයේ සීනි පරීක්ෂා කිරීමේ උපකරණය (Blood sugar testing machine )

රුධිරයේ සීනි පරීක්ෂාව සඳහා යොදා ගනී.

EX7-රුධිර පීඩනය මනින යන්ත්‍රය (Blood pressure Testing Machine )

රුධිර පීඩනයේ වෙනස්වීම මැන ගත හැකිය.

ඉදිරියේදී තවත් මෙවැනි පාඩම් අපි ඔබ වෙනුවෙන් ගෙන එන අතර,ඔබග්‍ර්‍ර් අදහස් comment කරන් යන්න ,තව කෙනෙකුට බලන්න share කරන්න .





















Comments

Popular posts from this blog

O/L Science නූතන ආවර්තිතා වගුව

මේ වන විට මූලද්‍රව්‍ය 115 කට වඩා සොයාගෙන ඇත. මේවාගේ ගුණ වෙන් වෙන් වශයෙන් අධ්‍යනය කිරීම අපහසු ය විද්යාඥයින් විසින් මූලද්‍රව්‍ය විවිධ ක්‍රම අනූව වර්ග කිරීමට උත්සාහ කර ඇත. මූලද්‍රව්‍ය වර්ගීකරණය සඳහා ආවර්තිතා වගුවක් දිමිත්‍ර්‍ර්‍රී මෙන්ඩලීෆ් විසින් මුලින් ම ඉදිරිපත් කරන ලදී. නූතන ආවර්තිතා නියමය නූතන ආවර්තිතා වගුව පදනම් වී ඇත්තේ පරමාණුක ක්‍රමාංකය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතයි. පරමාණුක ක්‍රමාංකය ආරෝහණය වන පිළිවෙළ ට සකස් කල විට කිසියම් මූලද්‍රව්‍ය පරාසයකට පසුව  සමාන ගුණ සහිත මූලද්‍රව්‍ය යලිත් හමුවෙන බවයි. නූතන ආවර්තිතා වගුව පහත දැක්වේ. ආවර්තිතා වගුවේ තිරස් පේළි ආවර්ත වේ. සිරස් පේළි කාණ්ඩ නම් වේ. මූලද්‍රව්‍ය ආවර්ත වලට බෙදීම. මූලද්‍රව්‍යයේ පරමාණුවක තිබෙන ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත ව පවතින ශක්ති මට්ටම් ගණන අනූවය. මූලද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදීම   අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත මූලද්‍රව්‍යයක ගුණ රඳා පවති. මේවා සංයුජතා ඉලෙක්ට්‍රෝන යනුවෙන් හඳුන්වයි . යම් මූලද්‍රව්‍යයක් අයත් වන කාණ්ඩය තීරණය වන්නේ එහි අවසාන ශක්ති මට්ටමේ අඩංගු ඉලෙක්ට්‍රෝන ගණන අනූවය.           ...

O/L Science ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම් Part 1

පීඩනය  පීඩනය යනු ඒකක වර්ගඵලයක් මත ක්‍රියාකරන බලය යි. ද්‍රව පීඩනය   ද්‍රව නිසා ද පීඩන හට ගනී. ද්‍රවයක් තුළ යම් ස්ථානයක දී පීඩනය ඊට ඉහළින් ඇති ද්‍රව කඳේ උස මත රඳා පවති. ද්‍රව කඳේ උස වැඩි වන විට පීඩනය වැඩි වන අතර උස අඩු වන විට පීඩනය අඩු වේ. ද්‍රවයේ සම මට්ටම් වල දී පීඩන සමාන වේ. ද්‍රවය තුළ යම් ස්ථානයකදී ඕනෑම දිශාවකට පීඩනය එකම අගයක් ගනී. ද්‍රව පීඩනය ද්‍රව කඳේ හැඩය මත රඳා නොපවතින අතර,ද්‍රව කඳේ සිරස් උස මත පමණක් රඳා පවතී. භාජනය ක ඇති ද්‍රව කඳේ උස h නම් සහ ද්‍රවයේ ඝනත්වය ρ   නම්,භාජනයේ පතුලේ ඒකක වර්ගඵලයකට ඉහළින් තිබෙන ද්‍රව කඳේ බර වන්නේ  hρg ය. ද්‍රවයක් තුළ ඇති ඕනෑම ලක්ෂ්‍යකට ඉහළින් ඇති ද්‍රව කඳේ උස h නම් ද එම ලක්ෂ්‍යයේ පීඩනය   P ද නම් ද අපේ මීලඟ ලිපියෙන් ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය හා වායු පීඩනය ගැන ලිපියක් බලාපොරොත්තු වන්න . සැකසුම  Prasanna J Source  Grade10 Science Textbook  ඔබගේ වටිනා අදහස් comment කරන්න ,තවත් කෙනෙකුට බලන්න share කරන්න. Whats up 077 2178365

O/L Science -පදාර්ථයේ ව්‍යුහය

 අප අවට පරිසරයේ ඇති දෑ  පදාර්ථ  ශක්තිය ලෙස වර්ග කල හැක. පදාර්ථය අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධය ක් ඇති දෑ පදාර්ථ වේ. පදාර්ථ භෞතික ස්වභාවය හා රසායනික සංයුතිය අනූව වර්ග කිරීම. පරමාණුව පදාර්ථයේ තැනුම් ඒකකය වේ. එය උපපරමාණුක අංශූ වලින් සෑදි ඇත. ප්‍රෝටෝන-ධන ආරෝපිත ය. ඉලෙක්ට්‍රෝන-ඍණ ආරෝපිතය. නියුට්‍රෝන-ආරෝපණයක් නොමැත. පරමාණුවේ න්‍යෂ්ටික ආකෘතිය අනූව පරමාණුවේ මධ්‍යයේ න්‍යෂ්ටිය නම් ස්කන්ධය ඒකරාශි වූ ප්‍රදේශය ක් ඇත. එහි,නියුට්‍රෝන,ප්‍රෝටෝන අඩංගු වේ. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා අවකාශය ක පවති. පරමාණුවක ඉලෙක්ට්‍රෝන ,ප්‍රෝටෝන ගණන සමාන නිසා ,විද්‍යුත් වශයෙන් උදාසීන ය. පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය  මෙය ඉදිරිපත් කරන ලද්දේ අර්නස්ට් රදර්ෆඩ් විසින් ය. ධන ආරෝපිත න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙමින් පවති. එය ග්‍රහ ලෝක සූර්‍ය්යා වටා භ්‍රමණය වීමට සමාන වේ.න්‍යෂ්ටිය  වටා ඉලෙක්ට්‍රෝන වේගයෙන් භ්‍රමණය වන නිසා ඒවා න්‍යෂ්ටිය මතට පතිත නොවේ. නීල්ස් බෝර් විසින් මෙය තවදුරටත් විස්තර කරන ලදී බෝර් විසින් ධන ආරෝපිත  න්‍යෂ්ටිය වටා ඇති නිශ්චිත පථ වල හෙවත් කක්ෂ වල ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙන බව ප්‍රක...