Skip to main content

Posts

Showing posts from December, 2022

ICT Short Notes

 දත්ත සහ තොරතුරු  වෙන් වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක,වචන සහ සළකුණු දත්ත (Data) වේ. දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු (Information ) ලැබේ. දත්ත සකස් කිරීමට යොමු කිරීම ආදානය(Input) වේ. සකස් වූ තොරතුරු ලබාගැනීම ප්‍රතිදානය(Output) වේ. මේ සියල්ලම එකතු වූ විට පද්ධතිය ක් වේ. පද්ධතියක කාර්යය   දත්ත ලබා ගැනීම දත්ත සකස් කිරීම සහ සුරැකීම  අවශ්‍ය විට තොරතුරු ලබා දීම පරිගණක පද්ධතිය ක සංඝටක දත්ත ලබා දීම(ආදානය ) දත්ත සකස් කිරීම සහ ගබඩා කිරීම(සැකසීම) අවශ්‍ය තොරතුරු ලබාදීම(ප්‍රතිදානය ) පද්ධතිය ක් සඳහා උදාහරණ   බැංකු පද්ධතියේ යොදාගන්නා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය (ATM) පුවත්පත් වල සහ සඟරා වල භාවිතාවන QR කේතය. ගුණාත්මක තොරතුරක ලක්ෂණ   අදාල බව අංග සම්පූර්ණ බව නිරවද්‍යතාවය කාලීන බව පිරිවැය අවම වීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  දත්ත පිළිවෙළකට සකස් කිරීමෙන් තොරතුරු ලබාගනු ලැබේ. එම තොරතුරු තීරණ ගැනීමට උදව් වේ. එසේ සකස් කරගත් තොරතුරු වෙනත් අයෙකු හෝ වෙනත් පරිසරයක් හෝ සමඟ හුවමාරු කරගැනීම තොරතුරු සන්නිවේදනය කිරීම වේ. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමත්,ඒවා හුවමාරු කරගැනීමට ත් තාක්ෂණ

ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය

 මෙහිදී ඉතිහාස මූලාශ්‍ර හදූනා ගැනීම. මූලාශ්‍ර මත ඉතිහාසය ගොඩ නැගෙන ආකාරය  ඉතිහාසය හැදෑරීමෙන් ලැබෙන ප්‍රයෝජන  ඉගෙනීමට හැකිය. මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකි . සාහිත්‍ය මූලාශ්‍රය  පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය  සාහිත්‍ය මූලාශ්‍රය කොටස් දෙකකි දේශීය සාහිත්‍ය මූලාශ්‍රය  විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය  සාහිත්‍ය මූලාශ්‍රය ක් යනු අතීත ප්‍රජාව විවිධ කාල වකවානු වලදි ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන ය. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර යනු වසර 2000 කට පෙර ලාංකිකයන් විසින් ලියන ලද ග්‍රන්ථ ය . ඒවා ගද්‍ය පද්‍ය කෘතිය . විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර යනු ලංකාව පිළිබඳ උනන්දුවක් දැක්වූ විදේශිකයන් මෙරට පිළිබඳ තොරතුරු දක්වමින් ලියන ලද කෘතිය . දේශීය සාහිත්‍ය මූලාශ්‍රය   ලංකාවේ පැරැණි ම කෘතිය දීපවංශය ලෙස සැලකේ. දීපවංශය ක්‍රි.ව 4 වන සියවසේදී පමණ රචනා කර ඇත. මහසෙන් රාජ්‍ය සමය දක්වා අයිතිහාසික හා ශාසන තොරතුරු ඇතුලත් ය. ඉතා කෙටියෙන් තොරතුරු දක්වා ඇති නිසාත් පුනරුක්ති දෝෂ ඇති නිසා මෙයට වඩා අඩුපාඩු අඩු වන සේ මහාවංසය රචනා කර ඇත. මහාවංසය කොටස් කිහිපයකින් යුක්තය. මහානාම හිමි විසින් රචනා කර ඇත. මුල් කොටසට බුදුන්වහන්සේගේ ලංකාගමනයේ සිට මහසෙන් රාජ්‍ය සමය