අන්තර්ජාලය යනු ලොව පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවකි.
අන්තර්ජාලය සමඟ ලෝකය විශ්ව ගම්මානයක් වී ඇත.
ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් අන්තර්ජාලය භාවිතයෙන් සොයාගත හැක.
අපි අන්තර්ජාලය ගැන මූලික දැනුම ඉගෙන ගනිමු.
අපිට මූලිකව කරුණු කිහිපයක් ඉගෙන ගැනීමට ඇත.
- Uniform Resource Locater-URL-ඒකාකාර සම්පත් නිශ්චායකය
- Internet Protocol -IP(IP ලිපිනය)
- Domain name(වසම් නාමය)
අපි ඉහත කරුණු පිළිබඳ සවිස්තරාත්මක ව ඉගෙන ගනිමු.
URL එකක් යනු කුමක්ද ?
අන්තර්ජාලයේදී තොරතුරු සම්ප්‍රේෂණය සඳහා HTTP(Hypertext Transfer Protocol ) නාමාවලිය යොදා ගැනේ.
තොරතුරු සපයන ප්‍රධාන සේවාව ලෝක ව්‍යාප්ත වියමන (World Wide Web) වේ.
ලෝක ව්‍යාප්ත වියමන තුල වෙබ් අඩවි වල තොරතුරු ඇතුලත් වී ඇත.
වෙබ් අඩවි වල තුල පවතින විවිධ සම්පත් අනන්‍යව හඳුනා ගැනීමට යොදාගන්නා ක්‍රමය ඒකාකාර සම්පත් නිශ්චායකය URL(Uniform Resource Locator ) නම් වේ.
URL හි කොටස් හඳුනා ගනිමු.
ඒකාකාර සම්පත් නිශ්චායකයක http නාමාවලියේ සිට වසම් නාමය දක්වා පැවතීම අනිවාර්ය වේ.
IP ලිපින යනු මොනවාද ?
- අන්තර්ජාලයේ ඇති සෑම පරිගණකයක්ම අනන්‍යව හඳුනා ගැනීමට IP(Internet Protocol )ලිපින භාවිතා කෙරේ.
- IP ලිපින අංකනය Dotted Decimal Notation ලෙස හැඳින්වේ.
- දශම තිතෙන් වෙන් කරන ලද 0 සිට 255 දක්වා වූ අගයන් හතරක් මගින් දක්වනු ලැබේ.
EX 172.64.85.42
193.213.78.154
IP ලිපින ලබා දෙනු ලබන්නේ අන්තර්ජාල සේවා සපයන්නෙකු(Internet Service Provider-ISP) විසිනි.
අන්තර්ජාල සේවා සපයන්නෙකු යනු වෙළෙඳ සමාගමක් වන අතර,ඔවුන් ලබාදෙන අන්තර්ජාල හා විද්‍යුත් තැපැල් සේවා සඳහා අය කරනු ලබයි.
වසම් නාමය(Domain Name)
අන්තර්ජාලය තුල පවතින සෑම වෙබ් අඩවියකම අනන්‍යතාවය වසම් නාමය මගින් ලබා දේ.
ඉහත දැක්වෙන URL එකෙහි edupub.gov.lk යනු වසම් නාමයයි.
එහි gov මඟින් රාජ්‍ය (Government )
lk මගින් Lanka ශ්‍රී ලංකාව නියෝජනය කරයි.
වසම අයත් ක්ෂේත්‍රය නිරූපණය කිරීම සඳහා පහත නාම භාවිතා කෙරේ.
com-වාණිජමය
org-ආදායම රහිත සංවිධාන
gov-රාජ්‍ය
edu-අධ්‍යාපන
net-ජාලගත
වසම අයත් රට නියෝජනය කිරීම සඳහා පහත නාම යොදා ගැනේ.(Country domains)
lk-ශ්‍රී ලංකාව
in-ඉන්දියාව
au-ඔස්ට්‍රේලියාව
jp-ජපානය
uk-එක්සත් රාජධානිය
us-එක්සත් ජනපදය
වසම් නාමයක දකුණු පස කෙළවරේම පවතින වසම ,ඉහළ මට්ටමේ වසම (Top Level Domain ) ලෙස හඳුන්වනු ලැබේ.
සැකසුම
Prasanna.J.Kumara
Source
Grade 11,ICT Text book
අපගේ ඊළඟ ලිපියෙන් අන්තර්ජාලයේ මෙහෙයුම සිදුවන ආකාරය සොයා බලමු.
අමතක නොකර ඔබගේ වටිනා අදහස comment කරන්න,තව කෙනෙකුගේ ප්‍ර්‍රයෝජනය සඳහා share කරන්න .
Comments
Post a Comment