Skip to main content

O/L History ඉතිහාසය හැදෑරීමේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය

 


පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ලෙස 

  • අභිලේඛන
  • කාසි
  • නටබුන් 

සැලකිය හැක .

අභිලේඛන යනු

  • ගල්(ශිලා )
  • මැටි පුවරු
  • බිත්ති 
  • තඹ තහඩු
  • රන් තහඩු
  • දැව හා විවිධ භාජන

ආදියෙහි ලියා ඇති පැරණි ලේඛන පොදුවේ හදුන්වන පදයකි.

සෙල් ලිපි

ගල් මත ලියා ඇති ලේඛන සෙල් ලිපි හෝ ශිලා ලේඛන  ලෙස හඳුන්වයි.

සෙල් ලිපි හෙවත් ශිලා ලේඛන ලියා ඇති ගල්වල ස්වරූපය අනූව වර්ග කල හැකිය.

  • ලෙන් ලිපි
  • ගිරි ලිපි
  • ටැම් ලිපි
  • පුවරු ලිපි
  • ආසන ලිපි

පැරණිම ශිලා ලිපි බ්‍රාහ්මිය ලිපි ලෙස හඳුන්වනු ලබයි.

භික්ෂූන් ට ලෙන් පිදීම වැනි දේ වාර්තා කිරීමට ප්‍රධාන වශයෙන් මෙම ලිපි ලියා ඇත.

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා ශිලා ලිපි ලිවීම අඛණ්ඩව පැවති ඇත .

ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසෙන් පසුව

  • විහාරාරාමවලට ගම්බිම් පිදීම.
  • විහාරාරාම පාලනය .
  • රජයේ නීතී මහජනයාට දැනුම් දීම.
  • බදු අය කිරීම 
  • වෙළෙඳාම 
  • වැරැදි කරුවන්ට සමාව දීම
  • පුද්ගලයන් ගේ සේවය ඇගයීමට ශිලා ලිපි පිහිටුවා ඇත.






කාසි

අනුරාධපුර යුගයේ සිට කාසි භාවිතා කර ඇත.

පැරණිම කාසිය කහාපණ නම් වේ.

පුරාණ හෝ ධරණ යන නම් වලින් ද හඳුන්වයි .

ඇතා සහ ස්වස්තික කාසි,ලක්ෂ්මි කාසි සහ අක නම් රන් කාසි වර්ගයක් ද මෙරට භාවිතා කර ඇත.

තඹ මස්ස කාසි පොළොන්නරුව රාජ්‍ය සමයේ භාවිතා කර ඇත.

මෙරටට අවශ්‍ය කාසි මෙරට දීම නිෂ්පාදනය කර ඇත.

කාසි නිපද වූ අච්චු කැණීම් වලදි හමුවීමෙන් මෙය තහවුරු වේ.

රෝම කාසි,චීන කාසි,ඉන්දියානු කාසි  ලංකාවෙන් හමු වී ඇත.

පැරැණි කාසි පිළිබඳ හදාරණ විෂය නාණක විද්‍යාව ලෙස හැදින්වේ.

කාසි පිළිබඳ අධ්‍යනයෙන් 

  • රටේ ආර්ථික තත්වය
  • වෙළෙඳාම 
  • ලෝහ භාවිතය පිළිබඳ තොරතුරු ලබා ගත හැක.
  • පුරාණ නටබුන් 

ශ්‍රීලංකාවේ බොහෝ ප්‍රදේශ වල පැරණි ගොඩනැඟිලි ,දාගැබ් ,ගල් කණු,වැව් පොකුණු ආදි නටබුන් ඇත.

පැරණි ජනතාවගේ

  • නිර්මාණාත්මක හැකියාව 
  • තාක්ෂණය 
  • වාස්තු විද්‍යාව 
  • ශිල්පීය දක්ෂතාවය
  • පරිසර සංරක්ෂණ හැකියාව 
  • ජල පාලනය වැනි විවිධ අංශ  පිළිබඳ නිරවුල් දැනුමක් ලබාගැනීමට මෙම නටබුන් උපකාරි වේ.

චිත්‍ර ,මූර්ති හා පුරාවස්තු 

පැරණි චිත්‍ර ,මූර්ති හා කැටයම් අපේ සංස්කෘතික ඉතිහාසය පෙන්නුම් කරයි.

මේවා මගින් අතීත ජනතාවගේ

  • ඇදුම් පැළදුම් 
  • ආභරණ පරිහරණය 
  • කලා කුසලතාවය
  • වර්ණ භාවිතය 
  • ආගමික විශ්වාස පිළිබඳ තොරතුරු ලබාගත හැක.

පැරැණි ජනතාව විසින් නිර්මාණය කරන ලද හෝ පරිහරණය කරන ලද දැනට ඉතිරිව ඇති දේ පුරාවස්තු වේ.

පුරාවස්තු මගින් ද අතීත ජනතාවගේ විවිධ හැකියා,කුසලතා,පැරැණි සංස්කෘතිය ,තාක්ෂණය ,විදේශ සබඳතා ජීවන ක්‍රමය පිළිබඳ ව තොරතුරු ලබා ගත හැක.

සාහිත්‍ය මූලාශ්‍ර ඓතිහාසික සිදුවීම් වලට වඩා පසුකාලීන වාර්තා ය.

පුරාවිද්‍යා මූලාශ්‍ර ඓතිහාසික සිදුවීමට සමකාලීන ඒවා ලෙස සැලකේ.

සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් තොරතුරු පුරාවිද්‍යාත්මක වශයෙන් සනාථ වේ නම් ඒව විශ්වාසදායි තොරතුරු වේ.

ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම 

තමා ජීවත්වන සමාජය හා ලෝකය පිළිබඳ යථාවබෝධය.

  1. අතීත අත්දැකීම් මගින් වර්තමානය තේරුම් ගෙන අනාගතය ගොඩ නැගීම.
  2. රටේ ජාතික අවශ්‍යතාවය හඳුනා ගැනීම.
  3. මනුෂ්‍යත්වය ට ආදරය කිරීමෙන් ජාතිය සමගිය ගොඩ නැගීම
  4. අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීමට පුරුදු වීම.
  5. විවිධ මත ඉවසීමට පුරුදු වීම.

මෙම ලිපියත් සම්ඟ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය පාඩමේ Short notes පෙළ අවසන් වෙනවා.අළුත් පාඩමකින් නැවත හමු වෙමු.

සැකසුම

Prasanna.J.Kumara

Source

Grade10 History Textbook 




ඔබගේ වටිනා අදහස් comment කරන්න ,තව කෙනෙකුට බලන්න Share කරන්න .

Follow up us on whats up

077 2178365


























Comments

Popular posts from this blog

O/L Science නූතන ආවර්තිතා වගුව

මේ වන විට මූලද්‍රව්‍ය 115 කට වඩා සොයාගෙන ඇත. මේවාගේ ගුණ වෙන් වෙන් වශයෙන් අධ්‍යනය කිරීම අපහසු ය විද්යාඥයින් විසින් මූලද්‍රව්‍ය විවිධ ක්‍රම අනූව වර්ග කිරීමට උත්සාහ කර ඇත. මූලද්‍රව්‍ය වර්ගීකරණය සඳහා ආවර්තිතා වගුවක් දිමිත්‍ර්‍ර්‍රී මෙන්ඩලීෆ් විසින් මුලින් ම ඉදිරිපත් කරන ලදී. නූතන ආවර්තිතා නියමය නූතන ආවර්තිතා වගුව පදනම් වී ඇත්තේ පරමාණුක ක්‍රමාංකය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතයි. පරමාණුක ක්‍රමාංකය ආරෝහණය වන පිළිවෙළ ට සකස් කල විට කිසියම් මූලද්‍රව්‍ය පරාසයකට පසුව  සමාන ගුණ සහිත මූලද්‍රව්‍ය යලිත් හමුවෙන බවයි. නූතන ආවර්තිතා වගුව පහත දැක්වේ. ආවර්තිතා වගුවේ තිරස් පේළි ආවර්ත වේ. සිරස් පේළි කාණ්ඩ නම් වේ. මූලද්‍රව්‍ය ආවර්ත වලට බෙදීම. මූලද්‍රව්‍යයේ පරමාණුවක තිබෙන ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත ව පවතින ශක්ති මට්ටම් ගණන අනූවය. මූලද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදීම   අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත මූලද්‍රව්‍යයක ගුණ රඳා පවති. මේවා සංයුජතා ඉලෙක්ට්‍රෝන යනුවෙන් හඳුන්වයි . යම් මූලද්‍රව්‍යයක් අයත් වන කාණ්ඩය තීරණය වන්නේ එහි අවසාන ශක්ති මට්ටමේ අඩංගු ඉලෙක්ට්‍රෝන ගණන අනූවය.           ...

O/L Science ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම් Part 1

පීඩනය  පීඩනය යනු ඒකක වර්ගඵලයක් මත ක්‍රියාකරන බලය යි. ද්‍රව පීඩනය   ද්‍රව නිසා ද පීඩන හට ගනී. ද්‍රවයක් තුළ යම් ස්ථානයක දී පීඩනය ඊට ඉහළින් ඇති ද්‍රව කඳේ උස මත රඳා පවති. ද්‍රව කඳේ උස වැඩි වන විට පීඩනය වැඩි වන අතර උස අඩු වන විට පීඩනය අඩු වේ. ද්‍රවයේ සම මට්ටම් වල දී පීඩන සමාන වේ. ද්‍රවය තුළ යම් ස්ථානයකදී ඕනෑම දිශාවකට පීඩනය එකම අගයක් ගනී. ද්‍රව පීඩනය ද්‍රව කඳේ හැඩය මත රඳා නොපවතින අතර,ද්‍රව කඳේ සිරස් උස මත පමණක් රඳා පවතී. භාජනය ක ඇති ද්‍රව කඳේ උස h නම් සහ ද්‍රවයේ ඝනත්වය ρ   නම්,භාජනයේ පතුලේ ඒකක වර්ගඵලයකට ඉහළින් තිබෙන ද්‍රව කඳේ බර වන්නේ  hρg ය. ද්‍රවයක් තුළ ඇති ඕනෑම ලක්ෂ්‍යකට ඉහළින් ඇති ද්‍රව කඳේ උස h නම් ද එම ලක්ෂ්‍යයේ පීඩනය   P ද නම් ද අපේ මීලඟ ලිපියෙන් ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය හා වායු පීඩනය ගැන ලිපියක් බලාපොරොත්තු වන්න . සැකසුම  Prasanna J Source  Grade10 Science Textbook  ඔබගේ වටිනා අදහස් comment කරන්න ,තවත් කෙනෙකුට බලන්න share කරන්න. Whats up 077 2178365

O/L Science -පදාර්ථයේ ව්‍යුහය

 අප අවට පරිසරයේ ඇති දෑ  පදාර්ථ  ශක්තිය ලෙස වර්ග කල හැක. පදාර්ථය අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධය ක් ඇති දෑ පදාර්ථ වේ. පදාර්ථ භෞතික ස්වභාවය හා රසායනික සංයුතිය අනූව වර්ග කිරීම. පරමාණුව පදාර්ථයේ තැනුම් ඒකකය වේ. එය උපපරමාණුක අංශූ වලින් සෑදි ඇත. ප්‍රෝටෝන-ධන ආරෝපිත ය. ඉලෙක්ට්‍රෝන-ඍණ ආරෝපිතය. නියුට්‍රෝන-ආරෝපණයක් නොමැත. පරමාණුවේ න්‍යෂ්ටික ආකෘතිය අනූව පරමාණුවේ මධ්‍යයේ න්‍යෂ්ටිය නම් ස්කන්ධය ඒකරාශි වූ ප්‍රදේශය ක් ඇත. එහි,නියුට්‍රෝන,ප්‍රෝටෝන අඩංගු වේ. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා අවකාශය ක පවති. පරමාණුවක ඉලෙක්ට්‍රෝන ,ප්‍රෝටෝන ගණන සමාන නිසා ,විද්‍යුත් වශයෙන් උදාසීන ය. පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය  මෙය ඉදිරිපත් කරන ලද්දේ අර්නස්ට් රදර්ෆඩ් විසින් ය. ධන ආරෝපිත න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙමින් පවති. එය ග්‍රහ ලෝක සූර්‍ය්යා වටා භ්‍රමණය වීමට සමාන වේ.න්‍යෂ්ටිය  වටා ඉලෙක්ට්‍රෝන වේගයෙන් භ්‍රමණය වන නිසා ඒවා න්‍යෂ්ටිය මතට පතිත නොවේ. නීල්ස් බෝර් විසින් මෙය තවදුරටත් විස්තර කරන ලදී බෝර් විසින් ධන ආරෝපිත  න්‍යෂ්ටිය වටා ඇති නිශ්චිත පථ වල හෙවත් කක්ෂ වල ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙන බව ප්‍රක...