අපි අද ලිපියෙන් ඉතිහාසය හැදෑරීමේ විදේශීය මූලාශ්‍ර ගැන සොයා බලමු.
අනුරාධපුර යුගයේ මුල්භාගයේ සිට ශ්‍රී ලංකාව විදේශ රටවල් සමඟ වෙළෙඳ සබඳතා පවත්වා ඇත.
ඈත අතීතයේ සිට ලංකාව ඉන්දියාව අතර හොඳ සබඳතාවක් පැවතී ඇත.
ඉන්දියාවේ ඇතැම් මූලාශ්‍ර වල ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වේ.
දකුණු ඉන්දියාවේ රචිත
- සිලප්පාදිකාරම්
- මණිමේකලයි
- පදිර් රුපත්තු
වැනි ග්‍රන්ථ වලද ලංකාව ගැන තොරතුරු ඇතුලත් වේ.
ක්‍රිස්තු වර්ෂ 16 වන සියවසේ පෘතුගීසින් මෙරටට පැමිණීමෙන් පසුව ශ්‍ර්‍රී ලංකාව පිළිබඳව තොරතුරු ඇතුලත් ග්‍රන්ථ පවා විදේශිකයන් රචනා කර ඇත.
ලංකාවට පැමිණ අධ්‍යනය කර ග්‍රන්ථ ලියූ හා ලංකාවට නොපැමිණ වෙනත් අයගෙන් අදහස් විමසා ලංකාව ගැන ලියූ ලේඛකයන් සිටී.
සාහිත්‍ය මූලාශ්‍ර වල ප්‍රයෝජන
-
ඓතිහාසික කාල අනුපිළිවෙළ සකස් කර ගැනීමට
- එක් එක් අවධිවල දේශපාලන ,ආර්ථික ,සමාජ සංසංස්කෘතික කටයුතු පිළිබඳ තොරතුරු ලබාගැනීමට
- එක් මූලාශ්‍රයක් මගින් ලැබෙන තොරතුරු තවත් මූලාශ්‍රයක් මගින් සනාථ කර ගැනීමට
- රටක විදේශීය සබඳතා අධ්‍යනය කිරීමට (විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය විශේෂ වේ.)
ඊලඟ ලිපියෙන් ඉතිහාසය හැදෑරීමේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය පිළිබඳ short note එකක් බලාපොරොත්තු වන්න.
සැකසුම : Prasanna.J.Kumara
Source : Grade10 History Textbook
ඔබගේ වටිනා අදහස් comment කරන්න, තවත් අයෙකුට කියවීම සඳහා Share කරන්න .
Comments
Post a Comment